Jeewanaye Saminda Song Lyrics
ජීවනයෙ සමිඳා ජල මතුපිට සරණා
අනාදියේ හිස්බව දුරලාලූ
නවමු මැවිල්ලක මඟ පහදාලූ
ශුද්ධාත්මයාණනී
1. සහනය දෙන සමිඳා අප තුල වැඩ සිටිනා
එක් වන්නම් අප ඔබෙන් පිරෙන්නට
නව මිනිසෙක් අප තුල ගොඩ නඟනට
ශුද්ධාත්මයාණනී
2. සත් වරම් රැගෙනා වඩිනු මැනවි සමිඳේ
දහම් රසින් අප දිවි පුරවන්නට
සුපුවත දස අත පතුරාලන්නට
ශුද්ධාත්මයාණනී