Jesuni Awado Song Lyrics
ජේසුනී ආවාදෝ සතුට මා ලැබුවේ
ඔබ හමුවේ පුදුම දේ දුටුවේ
ආදරේ දැනුනේ ජීවිතේ ලැබුවේ (2)
රුදුරු කතරක දිය සොයනා, මුවකු ලෙස තනිවී
සිටින මොහොතක ඔබ හමුවී, ආදරෙන් බැලුවේ
ආදරේ දැනුනේ ජීවිතේ ලැබුවේ (2)
පුදමි මගෙ දිවි ඔබ හමුවේ, ජේසුනී සමිඳේ
බෙදමි සුපුවත හැම මොහොතේ, මා සතුට එය වේ
ආදරේ දැනුනේ ජීවිතේ ලැබුවේ (2)