Kamathi Lesin Song Lyrics
කැමති ලෙසින් අඹනු මැනවි මා
දිව්‍ය කලා කරුවානනේ
මැටි පිඩක්ය මා ඔබේ අතේ
ඔබ කැමති හැඩක් රුවක් අඹන්න සමිදේ
මම නොදනිමි ඔබේ සිතේ තිබෙන මගේ හැඩේ
මට නොහැඟේ උතුමභිමත සැලසුම් ඔබගේ
මගේම යැයි මෙතෙක් දුටුව මාවත අඳුරේ
මහා කලාකරුවාණෙනි දැන් එය වැටහේ
කැමති ලෙසින්…..
මටම දිනෙක සතුටු වෙන්න පිළිවන් වන්නේ
ඔබේ අතින් මා හැදුනොත් ලද දුක අතරේ
මිනිස් දුබල කම නිසාම වේදනා දැනේ
නමුත් සමිදේ අඹන්න මා ඔබ කැමති ලෙසේ
කැමති ලෙසින් අඹනු මැනවි මා
දිව්‍ය කලා කරුවානනේ
මැටි පිඩක්ය මා ඔබේ අතේ
ඔබ කැමති හැඩක් රුවක් අඹන්න සමිදේ