Pawanak Wela Enna Song Lyrics
පවනක් වෙලා එන්න මා දිවියට ඔබ සමිඳුනි
ලැතැවුල් නිවාලන්න මා ජීවිතේ
ගඟුලක් වෙලා එන්න මා දිවියට ඔබ සමිඳුනි
දාහය නිවාලන්න මා ජීවිතේ
බොජුනක් වෙලා එන්න මා දිවියට ඔබ සමිඳුනි
කුසගිනි නිවාලන්න මා ජීවිතේ
පහනක් වෙලා එන්න මා දිවියට ඔබ සමිඳුනි
ඝනදුර මකාලන්න මා ජීවිතේ
1. නිල් තණබිම මා සතපන සමිදා ඔබයි
දිය ගැඹුරෙදි මා සුරකින හබලත් ඔබයි
වරම් දෙන්න ලැගුම් ගන්න
දුක සැප ජය පැරදුම ඔබ සෙවනේ රැඳී
මා ප්‍රිය සමිඳාණනේ
2. ලොව තනි වුන විට සනසන අම්මා ඔබයි
නෙතු කන්දුලැලි පිසලන සුභ වදනත් ඔබයි
වරම් දෙන්න ලැගුම් ගන්න
දුක සැප ජය පැරදුම ඔබ සෙවනේ රැඳී
මා ප්‍රිය සමිඳාණනේ