Punchi Thithak Wage Mamath Song Lyrics
පූජාසනය මත මගේ දිවිය දිගා කොට
පුදමි ඔබට ආදරේට දිවි ජේසුනි මං
මගේ ජේසුනි මං
1. පැයෙන් පැයට මගේ හිතට ඔබ යන එන හැටි
හදේ සුසුම් ගිනි නිවන්න පවන් සලන හැටි
පුලුන් රොදක් වගේ හිතට සුවය ගෙනෙන හැටි
මගෙ ජේසු එහෙම තමයි එ ජේසුගෙ හැටි
2. යන යන තැන මාව අරන් යනවද ජේසු
මුලූ ලෝකෙම එක පහනක් වෙනවද ජේසු
ලොව මුදන්න දහම් සිසිල වෙනවද ජේසු
පුන්චි තිතක් වගේ මමත් එන්නම් ජේසු