Ra Tharu Babalanawa Song Lyrics
රෑ තරු බබළනවා මල් පිපිලා වගේ
එළියෙන් නැහැවෙනවා මල් වැහැලා වගේ
රැව් පිළිරැව් දෙනවා
ගීත නාද වාගේ
බිළිඳෙකු හිනැහෙනවා
මුහුදක රැලි වාගේ
සීත සුළං එනවා උයනක සිරි වාගේ
ගොපලුන් දුර එනවා පැණි බඹරුන් වගේ
බිළිඳෙකු හිනැහෙනවා පොපියන කුසුම් වගේ
තුරුලක පෙරැළෙනවා හිම මත හිම වාගේ
රෑ තරු බබලනවා